FUTA ඇදුරන්ගේ වර්ජනයේ නිරුවත හෙළි වේ




.


මේ සැප්තැම්බර් 29 දින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විකාශයේ කොටසකි. මාස 5කට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය නිසා මාස 5 කට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල වසා තැබුණු අතර, මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීමද ඔවුන් විසින් වර්ජනය කරන ලදී.

මේ හේතුවෙන් දහස් ගණනක් වූ විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ලක්ෂ ගණනක් වූ උසස්පෙළ සිසුන්ගේත් අනාගතය දැඩි අවිනිශ්චිත භාවයකට පත්වන ලදී. මෙය හුදෙක් දේශපාලන උවමනාවක් අරබයා ආරම්භ කරන ලද්දක් බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබූ අතර මෙහි පෙරමුණ ගන්නා ලද්දේ ජ.වි.පෙ න් කැඩි ගිය පෙරටුගාමී පක්ෂයේ එන්.ජී.ඔ බළල් අත් ටික හා, ජ.වි.පෙ, යූ.එන්.පී පක්ෂවල අතකොළු ටිකක් විසිණි.

ඔවුන් තම වර්ජනය සාධාරණීකරනය කිරීමට යොදා ගත්තේ අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන්කළ යුතුයි යන ඉල්ලීමයි. සරසවි සිසුන්ගෙන්ද මේ වර්ජනයට සහය ලබා ගැනීම පිනිස ඔවුන්ට පෙන්වූයේ මෙම 6% ලබාගැනීමට එක් වන ලෙසයි. සරසවි සිසුන්ද බහුතරය එයට රැවටුන අතර දැන් ඔවුන්ගේ සැබෑ අරමුණ මල්ලෙන් එලියට පැන ඇත. එනම් තමන්ගේ වැටුප් වැඩිකර ගැනීම නම් හුදු පෞද්ගලික අරමුණ ඉෂ්ට කර ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් බොරු 6% GDP රංගනයක් කරමින් ජනතාව මෙතෙක්කල් රවට්ටා ඇති බව මෙම විඩියොවෙන් ඔප්පු වේ.

මෙම වීඩියෝවේ ආචාර්ය නිර්මාල් දේවසිරිගේ ප්‍රකාශය පැහැදිළිවම දැක්වෙද්දී ඔහු මෙසේ නොකී බව පවසයි. නමුත් මීට පෙරදී, "සිවුපාවුන් උරගයින් නොවන මනසක් සහිත දෙපයින් ඇවිදින සියළු ශ්‍රී ලාංකිකයන් අද ඇරඹෙන පාගමනට එක් වනු නොඅනුමානයි" යනුවෙන් ඔහු ලංකා ඊ නිවුස් හරහා පවසා ඇත.



එමගින් FUTA වර්ජනයට සහභාගී නොවූ සියලුම ශ්‍රී ලාංකිකයින්ට "සිව්පාවුන්, උරගයින් වන මනසක් රහිත දෙපයින් නො ඇවිදින උදවිය කියමින්" සරසවි ආචාර්ය වරයෙකුට නොගැලපෙන අන්දමින් ඉතාමත් පහත් ආකාරයෙන් නිර්මාල් දේවසිරි අපහාස කර ඇති නමුත් ඊට ජනතාවගෙන් සමාව ගන්නවා වෙනුවට ඔහු කළේ, පසුව එයත් පුවත් විකෘති කිරීමක් යැයි පවසා ඇඟ බේරා ගැනීමයි.