චීන මිසයිලවලට බියවී ද. කොරියා යුද අභ්‍යාසය හකුලා ගැනේ




චීනය විසින් කිලෝ මිටර් 3000 ක් දුර විදිය හැකි නවතම බැලස්ටික් මිසයිලයක් නිපදවා ඇති බව දකුණු කොරියානු ඔත්‍තු සේවය විසින් මෙම සතියේ නවතම වාර්තාවක් මඟින් ඇමෙරිකානු ඔත්තු සේවයට වාර්තා කර තිබේ. මෙම වාර්තාව ලැබෙන මොහොත වන විට දකුණු කොරියාව සහා අමෙරිකාව විසින් කහ මුහුදේ ජීව උණ්ඩ යොදා ගනිමින් රටවල් දෙකක් විසින් මෙතෙක් ලොව පැවැත්වූ විශාලතම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක නිරත වෙමින් සිටියෝය.

උතුරු කොරියාව සහා දකුණු කොරියාව අතර මීළඟ නිමේෂයේ දී විශාල යුද්ඬයක් ආරම්භ වනු ඇති බව යුඬ විශ්ලේෂකයෝ බොහෝ දෙනෙකු සැක පළ කර සිටියෝය.

මෙම නවතම එක් චීන බැලස්ටික් මිසයිලයක් මඟින් 6000 කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් හෙබි යුඬ ගුවන් යාන ගෙන යා හැකි අමෙරිකාවේ සාඩම්බරය ලෙස සැලකෙන ජෝර්ජ් වොෂින්ටන් නෞකාව තත්පර ගණනකින් මුදුදේ ගිල්වා දැමිය හැකි බව ඔත්තු සේවා මඟින් සනාථ කර ගෙන ඇත.

ඒ අනුව පසුගිය සතියේ උණුසුම් ලෙස පැවැත් වූ දකුණු කොරියානු සහා අමෙරිකානු ඒකාබද්ධ හමුදා අභ්‍යාස හි‍මින් සීරුවේ හකුළා ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙම චීන නවතම බැලස්ටික් මිසයිලය පිළිබඳව බටහිර මාධ්‍ය විසින් වාර්තා කර සිටියේ චීනය විසින් ඇමෙරිකාව අභිබවා යා හැකි නවතම මිසල්ලයක් නිපදවීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. එනමුත් චීනය විසින් එම නවතම බැලස්ටික් මිසයිලය මේ වන විටත් නිපදවා අවසන් කර ඇති බව ඉහත වාර්තාව සනාත කරයි.

තවද, මෙවැනි මිසයිල 8 ක් දැනටමත් චීනය විසින් නිපදවා අවසන් බවත්, චීනය විසින් කඩිමුඩියේ මෙම මිසයිල්ල වපසරිය පුළුල් කරමින් සිටින බවත්, "මෙම මොහොතේ උතුරු කොරියාව සමඟ යුද්ඬයක පැටලීමෙන් අපට භායාහනක ප්‍රථිපල අත්විය හැකියි" යනුවෙන් එම අතිශයින් රහසිත වාර්තාවේ අවසන සදහන්ව ඇත.

ඉහත වාර්තාවේ "උතුරු කොරියාව විසින් පසුගිය මස 23 වන දින දකුණු කොරියාවේ යෙඕන්පියෙඑන්ග් (Yeonpyeong) දුපත මත සෙල් ප්‍රහාරයක් එල්ල කරණු ලැබුවේ චීනයේ වුවමනාවට දැයි පැහැදිළි නොවන බවද" සඳහන්ව ඇත.

දකුණු කොරියානු ජනාධිපති ලී මයියුංග්බැක් (Lee Myung-bak) විසින් අද (29) දින ප්‍රකාශයක් කරමින් චීනය, ජපානය, රුසියාව, ඇමෙරිකාව, දකුණු කොරියාව සහා උතුරු කොරියාව ඒකාබද්ධව සය පුද්ගල සාකච්චාවක් මඟින් උ. කොරියාවේ න්‍යෂ්ඨික අවි නිපැයුමේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව අවධාරණය කරමින් කියා සිටියි.

මීට සතියකට පෙර යම් ලෙසකින් උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට නැවතත් පහර දුනහොත් ප්‍රථිප්‍රහාර එල්ල කරන මෙන් දකුණු කොරියානු ජනාධිපති විසින් තම හමුදාවට බලය පවරා තිබිණි.